“මට අනුන්ගේ පව්වලට කර ගහන්න බැහැ. තර්ජනය කරලා බිත්තර ගහලා අපිව බය කරන්න බැහැ.” – ප්‍රසන්න රණතුංග

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතන පූර්ණ විගණනයකට ලක් කෙරේ. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (4) අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ඔහු පෙන්වා දුන්නේ ඉකුත් රජය සමයේ තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 21හිම සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව තමන්ට දැනටමත් පැමිණිලි ලැබී ඇති බවයි. හිටපු ඇතැම් ඇමතිවරුන්ගේ කුණු කන්දල්වලට කර ගැසිය නොහැකි බැවින් තමන් මෙම තීරණය ගත් බවද ඇමතිවරයා කියා සිටියේය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පළමු අදියරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේදී අද (4) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

“ආයතනයක් ආරක්ෂා වුවහොත් එහි සේවකයන් ආරක්ෂා වෙනවා. ඒ නිසා තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා වගේම තමන් වැඩකරන ආයතනය ආරක්ෂා කරගන්නත් අපි දැනගන්න ඕන. පහුගිය රජය කාලේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 137 ක පෝස්ටර් මුද්‍රණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඒක නාස්තියක්. නඩු භාණ්ඩ නිසා අපිට පෝස්ටර් විනාශ කරන්නත් බෑ. ඒ පෝස්ටර් ටික නිකම්ම දිරාපත් වෙනවා. අපි මේ ආයතන පූර්ණ විගණනයට ලක්කරන්නෙ ඒ වගේ වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නයි. මම ආයතන විනාශ කරන්නෙවත්, සේවකයන්ගේ සුබසිද්ධියට හානිවෙන දේවල් කරන්නෙවත් නැහැ. නමුත් මට අනුන්ගේ පව්වලට කර ගහන්න බැහැ.

රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පාඩුපිට දුවන බොහෝ රාජ්‍ය ආයතන මේ වනවිට වැසී යන මට්ටමට පත්වෙලා. බොහෝ පිරිසකගේ රැකියා අහිමිවන තත්ත්වයට පත්වෙලා. එවැනි තත්ත්වයක් යටතේ වෘත්තීය සමිති තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කළොත් ඇතිවන පාඩුව පියවන්නේ කවුද?. මම වෘත්තිය සමිති සමඟ සුහදව වැඩකරනවා. ඒ වෙනුවෙන පෙනී සිටිනවා. නමුත් නීතියට පිටින් වැඩකරන්න මම සූදානම් නැහැ. එහෙම වැඩ කරන අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නෙත් නැහැ.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ලාබ ලබන ආයතනයක්. නමුත් වැරදි විධියට වැඩ කළොත් මේ ආයතනයත් විනාශවේවි. කාන්තාවකගේ ප්‍රශ්නයක් වෙනුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවකයන් දින 24 ක වැඩ වර්ජනයක නිරත වුණා. ඒ අය වැඩ වර්ජනයට සම්බන්ධවෙලා තියෙන්නේ රාජකාරියට වාර්තා කරලයි. ඒක අන්තිම වැරදි වැඩක්. ඒ කාන්තාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්තුවා. ඒකට අභියෝග කරන්න කාටවත් බැහැ. ආයතනවල මතුව ඇති ප්‍රශ්න අපි සාකච්ඡා කරල විසඳාගමු.

වැඩ වර්ජන වලට යන්න කලින් වෘත්තීය සමිති සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳාගන්න කටයුතු කළොත් ඒක අපි හැමෝටම පහසුයි. නායකයෙක් නැති ආරගලවලට පැවැත්මක් නැහැ. ගෝල්ෆේස් අරගලයේ සැබෑ ස්වරූපය දැන් එළිවෙනවා. ආයතනයක වෘත්තීය සමිති ඒ මට්ටමට වැටිය යුතු නැහැ. වෘත්තීය සමිතියක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන විධිමත් ක්‍රමවේදයක් අනුවයි. එහෙම නැතිවුනොත් පාඩුවෙන්නේ තමන් වැඩ කරන ආයතනයටමයි.

මම ආවේ මේ ආයතන ගොඩගන්නයි. මේ හැම ආයතනයකටම මම පත්කළේ වැඩ දන්න ඉහළම සුදුසුකම් තියෙන සභාපතිවරුයි. ඒ අයට ඔබගේ සහයෝගය ලබාදෙන්න. තර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ. දේශපාලනය කරද්දි අරගලකරුවන්ට අවශ්‍ය විදියට වෙනස්වීමට මම සූදානම් නෑ” යැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීම – අද පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55