AFC Banner
Empty Ad
Empty Ad

මගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් ඇහුම් කන් දීලා – චම්පික ගෙන් චෝදනාවක්

Whatsapp තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික මෙවලමක් ඔස්සේ ඇහුන් කන්දී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියා.

එමෙන්ම තම මූලික අයිතිවාසිකම් මෙන්ම පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීමක් සිදුව ඇති බැවින් අධිකරණ නියෝගයකින් තොරව එසේ කරන ලද ක‍්‍රියාව නීති විරෝධී බැවින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ දුරකථන සමාගමේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුවට කැඳවන්නැයි මන්ත‍්‍රීවරයා කථානායකගෙන් ඉල්ලීමක් කර සිටියා.

එය තම මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩකිරීමක් ලෙස සලකා ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා පරීක්‍ෂණයක්කොට තම අයිතීන් උල්ලංඝනය කළ පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඬුවම් දීමට ක‍්‍රියා කරන්නැයි ද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා.

No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?