තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වී සිදුවන්නට ගිය විශාල අනතුරක් රියදුරුගේ දක්ෂතාව මත වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල මහ වංගුව ප්‍රදේශයේ දී අද (26) අලුයම මෙම අනතුර සිදුවන්නට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
තලවකැලේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ බස් රථය වංගුවක් ගැනිමට උත්සාහ කිරීමත් සමඟ බස් රථය පාලනය කර ගැනීමට දෙවන ගියරයට මාරු කළ බවත්, එම අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වී රථය පාලනයෙන් ගිලිහී ගිය බවයි එහි රියදුරු පවසන්නේ.
එම අවස්ථාවේ දී රියදුරු විසින් අත්තිරිංගය භාවිත කරමින් බස් රථය බෑවුම් සහිත ප්‍රදේශයේ පස් කන්දක ගැටීමට සලස්වා රථය නතර කර ගැනීමට සමත්ව තිබෙනවා.
එම අවස්ථාවේ බස් රථය තුළ මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, පසුව එම මගීන්ව වෙනත් බස් රථයකින් පිටත් කර යැවීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
කඩවත ලංගම ඩිපෝවට අනුයුක්තව සේවය කරන මහේෂ් සුදර්ශන් නැමැති රියදුරා මෙම බස් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.



