මගීන් අසූවකගේ දිවි බේරු ලංගම බස් රියදුරා (වීඩියෝ)

තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වී සිදුවන්නට ගිය විශාල අනතුරක් රියදුරුගේ දක්ෂතාව මත වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල මහ වංගුව ප්‍රදේශයේ දී අද (26) අලුයම මෙම අනතුර සිදුවන්නට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

තලවකැලේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ බස් රථය වංගුවක් ගැනිමට උත්සාහ කිරීමත් සමඟ බස් රථය පාලනය කර ගැනීමට දෙවන ගියරයට මාරු කළ බවත්, එම අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වී රථය පාලනයෙන් ගිලිහී ගිය බවයි එහි රියදුරු පවසන්නේ.

එම අවස්ථාවේ දී රියදුරු විසින් අත්තිරිංගය භාවිත කරමින් බස් රථය බෑවුම් සහිත ප්‍රදේශයේ පස් කන්දක ගැටීමට සලස්වා රථය නතර කර ගැනීමට සමත්ව තිබෙනවා.

එම අවස්ථාවේ බස් රථය තුළ මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, පසුව එම මගීන්ව වෙනත් බස් රථයකින් පිටත් කර යැවීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කඩවත ලංගම ඩිපෝවට අනුයුක්තව සේවය කරන මහේෂ් සුදර්ශන් නැමැති රියදුරා මෙම බස් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
4
+1
12
+1
8
+1
2
+1
5
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34