අද (16) පෙරවරුවේ කටුනායක සීදුව විජය කුමාරතුංග සමාධිය අසළදි අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ 33වන ගුණානුස්මරණ උත්සවය පැවැත්වුණේ කුමාරතුංග මහතාගේ බිරිද වු හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ලංකාව අදවන විට චීනයේ යටත් විජිතයක් වී අවසන් බවත් ඇගේ පාලන සමයේ ජීවිතය පරදුවට තබා නිර්මාණය කළ රට යළි පස්සට ගොස් ඇති බවත් එතුමිය ප්‍රකාශ කර සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය,
“අපි හදනවා. කවුරුහරි ඇවිත් විනාශ කරනවා. ඉතින් මේ රට කවදාවත් ඉදිරියට යන්න බෑ. තරුණ, උගත්, හොරකම් නොකරන, දේශපාලනය බිස්නස් එකක් නොකර ගන්න, අවංකව තමන්ගේ වියදමින් රටට වැඩකරලා වාරයක් ඉඳලා ගෙදර යන කෙනෙක් ඕනේ. එක එක්කෙනාගෙ අත්වල එල්ලිලා යන දේශපාලනඥයින් ඉන්නෙකම් අපේ රට කරන්න බෑ. අපි හැදුවා, හැදුවා. ජීවිතයත් පරදුවට තියලා. දැන් ඔක්කොම අයෙත් අනෙක් පැත්තට හැරිලා. විජය හිටියා නම්.., විජය මං හිතන්නේ ගිහින් මුහුදට පනිනවා.” හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර සිටිනවා.

Today SRILANKA is more developed than when she was in power . Her husband WIJAYA tried to go to JAFFNA & WRITE OFF THE PENISULA to TAMIL TIGERS to HAVE PEACE IN SRILANKA .