spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංගල ගමන අවමගුලකින් අවසන් වෙයි

මන්නාරම ප්‍රධාන පාලම මතදී ත්‍රී රෝද රථයක් සහ ජිප් රථයක් ගැටී සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (24) මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ වව්නියාවේ සිට මන්නාරමට ධාවනය වූ ත්‍රී රෝද රථයක් සහ මන්නාරම සිට කල්ලඩි දෙසට ධාවනය වූ ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරට ලක්වූ ත්‍රී රෝද රථයේ ගමන් කර ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක් සඳහා ගිය එකම පවුලේ 5 දෙනෙක්.

ත්‍රී රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි සඳහන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් සහ අවුරුදු 4,6,9 යන වයස්වල දරුවන් තිදෙනා මන්නාරම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ජිප් රථ රියදුරුගේ අධික වේගය මෙම අනතුරට හේතුව බව සැක පළ කරන අතර අනතුර සමබන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
2
+1
9
+1
9
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?