spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘මංකිපොක්ස්’ ගැන ශ්‍රී ලංකාව සීරුවෙන්

මේ වනවිට ලොව පුරා පැතිර යන ‘මංකිපොක්ස්’ හෙවත් වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් කරුණු පහදන ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ මේ වනවිට ලොව පුරා ආසාදිතයින් 92ක් හඳුනාගෙන ඇති බවත්, එම උණ රෝගය බොහෝ අවස්ථාවලදී ඉබේම සුව වෙන රෝගයක් බවයි.

මේ අතර මෙම වසංගතය පිළිබඳව මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මෙම රෝගය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීමටමෙරටට පැමිණෙන වඳුරු උණ ආසාදිත විදෙස් ජාතිකයින් හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපල ද දැනුවත් කර ඇති බව ද එම ඒකකය සඳහන්කර සිටියා.

ඒ අනුව ගුවන් තොටුපලේදී වඳුරු උණ රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් වෙන්කර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?