‘මංකිපොක්ස්’ ගැන ශ්‍රී ලංකාව සීරුවෙන්

මේ වනවිට ලොව පුරා පැතිර යන ‘මංකිපොක්ස්’ හෙවත් වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් කරුණු පහදන ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ මේ වනවිට ලොව පුරා ආසාදිතයින් 92ක් හඳුනාගෙන ඇති බවත්, එම උණ රෝගය බොහෝ අවස්ථාවලදී ඉබේම සුව වෙන රෝගයක් බවයි.

මේ අතර මෙම වසංගතය පිළිබඳව මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මෙම රෝගය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීමටමෙරටට පැමිණෙන වඳුරු උණ ආසාදිත විදෙස් ජාතිකයින් හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපල ද දැනුවත් කර ඇති බව ද එම ඒකකය සඳහන්කර සිටියා.

ඒ අනුව ගුවන් තොටුපලේදී වඳුරු උණ රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් වෙන්කර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40