භූ කම්පන අවදානමක් නැහැ

පසුගිය දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර භූ කම්පනයක් ඇති වුණා.

මේ සමඟ ම ශ්‍රී ලංකාවේත් භූ කම්පන ඇති විය හැකි දැ යි ජනතාව තුල කුකුසක් මතු වූයේ, මෑත ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් භූ කම්පන තත්ත්වයක් පිළිබඳ ව වාර්තා නො වීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ පරිසර අමාත්‍යාංශය මෙරට තුළත් එවැනි භූ කම්පන තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇති දැ යි විශේෂඥයින්ගෙන් විමසීමක් කළා.

එහී දී හෙළි වුයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ තලය අනුව, ඉදිරියේ දී විශාල පරිමාණයේ භූ කම්පන තත්ත්වයන් ඇති වීමට ඉඩක් නො මැති බව යි.

මෙම තොරතුරු හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකාව හා භූ කම්පන අවදානම සම්බන්ධ ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සංවිධාන කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක දී ඊට සම්බන්ධ ආචාර්ය – මහාචාර්යවරුන් මේ පිළිබඳ හෙළිදරව් කිරීමත් සමඟයි.

දැනට සිදු ව ඇති සියලු ම භූ කම්පනවලින් සියයට 98ක් ම සිදු ව ඇත්තේ භූ කාරක තැටි මායිම් ආශ්‍රිත ප්‍රදේශවල යි.

ඉන් බැහැර ව සිදු වන භූ කම්පන ප්‍රමාණය සියයට 2ක් පමණ වන අතර, එම නිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු වන්නේ නැහැ.

එහෙත් භූ කම්පාවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි තාක්ෂණික පියවර ගැනීම සුදුසු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.මේ වනවිට මහකනදරාව, පල්ලෙකැලේ, හක්මන හා බුද්ධංගල භූ කම්පන පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන 04ක් පිහිටුවා ඇති අතර, ඉදිරියේ දී බස්නාහිර හා වයඹ පළාත් තුළ තවත් භූ කම්පන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට නියමිත යි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56