භූමිතෙල් මිලත් ඉහල යන ලකුණු

භූමිතෙල් ලීටරයක් රුපියල් 87 කට අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 275.26ක අලාභයක් ලබන පසුබිමක භූමිතෙල් සඳහා සහනයක් අවශ්‍ය පිරිස්වලට මූල්‍ය ආධාරයක් ලබා දී භූමිතෙල් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර මහතා පැවසීය.

එමෙන්ම අඩු මිලට භූමිතෙල් අලෙවි කිරීම නිසා විවිධ පිරිස් එය අවභාවිතා කරන බවත් භූමිතෙල් සඳහා සහනාධාරයක් දියයුතු ධීවර, වතු කම්කරු පිරිස් ඇතුළු අඩු ආදායම්ලාභී පිරිස් වෙත ධීවර පරීක්‍ෂක, තේ පරීක්‍ෂක, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මාසිකව මුදල් ආධාරයක් දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කරන බව ද ඔහු පැවසීය.

අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කාංචන විජේසේකර මහතා පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36