භික්ෂුන්ව විවේචනය කරන අයට බයේ මම පස්සට යන්නෑ

එදා මෙන් අදත් මේ සමාජයේ භික්ෂුන් වහන්සේලා විවේචනය කරන නිගන්ඨයින් සිටින බවත් ඔවුන්ගේ මඩ ප්‍රචාරවලට, ඇනුම් බැනුම් විවේචනවලට බය වී තමා කිසිදා පස්සට නොයන බවත් ඔවුන් පරදා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තම එකම අරමුණ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවැසූහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් මේ බව පැවසුවේ මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරෙන සාමණේර භික්ෂු මධ්‍යස්ථානයේ රෝපණය කිරීම වෙනුවෙන් උඳුවප් පුර පෝයදා පැවති උත්සවයක් අමතමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්