භානුක රාජපක්ෂ ඉවත් කිරීමට හේතුව හෙළිවෙයි

ඉන්දීය සංචාරය සඳහා වන ක්‍රිකට් සංචිතයට කැඳවා තිබුණු ශ්‍රී ලංකා විශේෂඥ පන්දු වාර 20 ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ අවසන් මොහොතේ සංචිතයෙන් ඉවත් කිරීමට හේතු වූයේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ පවසනවා.

අප කළ විමසීමකදී තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියේ ඉන්දීය සංචාරය සඳහා භානුක රාජපක්ෂ ඔහුගේ පළමු තෝරා ගැනීමක් බවයි.

කෙසේ වෙතත් ක්‍රීඩකයින් සපුරාලිය යුතු ශාරීරික යෝග්‍යතා මට්ටම් සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ තුනකදී භානුක සමේ මේද තත්ත්වය පිළිබඳ පරීක්ෂණයෙන් අවශ්‍ය පරිසාධන මට්ටම කරා පැමිණෙන්නට නොහැකි වූ බව ඔහු සඳහන් කළා.

භානුක සම්බන්ධයෙන් සිදුකළ පළමු පරීක්ෂණයේදී ඔහුගේ සම නැවීමේ මේද මට්ටම 97ක් ලෙස දැක්වුණු අතර ඉන් අනතුරුව සිදුකළ විශේෂ පුහුණුවීම් සැසි ගණනාවකින් පසුව සිදුකළ පරීක්ෂණයේදී එම මට්ටම දැක්වී ඇත්තේ 86 ක් වශයෙන්.

කෙසේ වෙතත් අවශ්‍ය පරිසාධන මට්ටම වන 75 සීමාවට පැමිනෙන්නට ඔහු තවත් පුහුණු සැසි කිහිපයකින් පසු නැවත පරීක්ෂණයකට යොමු වූ අතර එහිදී ඔහුගේ සම නැවීමේ මට්ටම දැක්වී ඇත්තේ 103ක් වශයෙන්.

මේ අනුව භානුක ව ඉන්දීය සංචාරය සඳහා රැගෙන යාම බරපතළ ගැටලුකාරී තත්ත්වයක් මතු කරන බවයි.

ප්‍රමෝදය පවසන්නේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් තේරීම් කමිටුව දැඩි ලෙස සැලකිලිමත් බව සහ ඉදිරිපත් කර ඇති ශාරීරික යෝග්‍යතා නිර්ණායක සියයට සියයක්ම සැලකිල්ලට ගන්නා බවයි.

නිමා වූ ඔස්ට්‍රෙලියානු සංචාරය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා සම මට්ටමේ තිබුණු නමුත් ශාරීරික යෝග්‍යතාව සලකා බැලීමේදී ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ වේගය සහ විචල්‍ය හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බොහෝ ඉදිරියෙන් තිබුණු බව තේරීම් කමිටු සභාපති වරයා සඳහන් කලා.

අද වන විට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් ක්‍රීඩාව තුලදී සියයට සියයක්ම පවත්වාගත යුතු බවත් එසේ නොමැතිව අද පවතින තරගකාරී තත්ත්වය තුළ ජයග්‍රහණ සහ කණ්ඩායමේ ඒකාග්‍රතාව අඛණ්ඩව රඳවා ගත නො නොහැකි බවත් ‍රමෝදය වික්‍රමසිංහසිංහ ගේ අදහසයි.

කෙසේ වෙතත් භානුකගේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන්යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලය හා සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට අදහස් කරන බවත් තේරීම් කමිටු සභාපති වරයා අප සමග වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අනෙක් ප්‍රහාරාත්මක පිතිකරුවා වන කුසල් ජනිත් හට මතුව ඇති ආබාධ තත්ත්වයෙන් සුවය ලබා පැමිණෙන්නට තවත් ටික කලක් ගතවනු ඇති බවත් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13