දින 11ක් තිස්සේ ජීවිතය යැදි භාතිය හස්තියා ජීවිතක්ෂයට (වීඩියෝ)

දින ගණනාවක සිට වෙඩි වැදීමෙන් අසාධ්‍යය තත්ත්වයේ පසු වූ භාතිය හස්තියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මහව – පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටියදීයි මෙම සත්ත්වයාව සොයා ගැනුනේ.

පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලේ අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී භාතිය හස්තියා අද පෙරවරුවේ මියගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන භාතිය හස්තියා ඊයේ දිනයේ දී ඒ වනවිට සිටි ඉරියව්ව වෙනස් කිරීමට සත්ත්වයාට ප්‍රතිකාර ලබා දෙන පශු වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළා.

ඒ, එම සත්වයාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන්.

මහව, පොලිපිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටි භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීම අරඹා දින 11කට පසුවයි එම සත්ත්වයා මියගොස් ඇත්තේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ දී පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.

නමුත් අද පෙරවරුවේ එම හස්තියා මියගොස් ඇති බවයි වාර්තා වූයේ.

හස්තියාට වෙඩි වැදීමෙන් සත්ත්වයාගේ පාදයක සිලම්බු අඩිය ගැලවී යාම හේතුවෙන් ඒ සඳහා කැල්සියම් ද ලබාදීම සිදු කෙරුණා.

තවත් වෙඩි වැදීම් ඇතුළු විවිධ හේතූන් නිසා තුවාල ලැබූ අලි ඇතුන් කීපදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර මියගිය භාතිය හැරුණුකොට, ‘යස,කණ්ඩලම අලියා ඇතුළුව එම තුවාල ලැබූ අලි ඇතුන් සංඛ්‍යාව 10කට ආසන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
37
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?