භාතියගේ ඇත්දළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට නියෝග

දින 11ක් ජීවිතය බේරා ගැනීමට සටන් කළ, අවසානයේ දී මියගිය භාතිය හස්තියාගේ දළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (15) පෙරවරුවේ භාතිය හස්තියා මහව – පොල්පිතිගම වතුර වළකදී අවසන් සුසුම් හෙළුවා.

ඒ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එම හස්තියාට සති දෙකකට පමණ ඉහත දී එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පාදවලට හා ශරීරයට සිදු වූ බරපතළ තුවාල සමගින්.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව වනජීවී නිලධාරීන් මෙන් ම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ විශේෂඥයින් පැමිණ භාතියට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා.

පෙරේදා පස්වරුව වන විට භාතිය වැතිරී සිටි ඇළය වෙනස් කිරීමට පශු වෛද්‍යවරුන් පියවර ගත්තේ සත්ත්වයාගේ යම් සෞඛ්‍ය මට්ටමේ යහපත් බවක් නිරීක්ෂණය වීම හේතුවෙන්.

නමුත් භාතිය හස්තියා ඊයේ පෙරවරු 8.26 පමණ වන විට ජීවිතක්ෂයට පත් වුණා.

ඉන් පසුව භාතියගේ සිරුර මනා ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක භූමදානය කිරීමටත්, එම සද්දන්තයාගේ හිස කඳින් වෙන් කර ආරක්ෂිත ස්ථානයක වළ දමා පසුව ඇත් දළ වෙන් කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදීමටත් අධිකරණය නියෝග කළා.

හස්තියාගේ මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලෙන් සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07