spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාණ්ඩ රැසක මිල සංශෝධනය කිරීමට අවධානය

ඉදිරියේදී භාණ්ඩ රැසක මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

දින තුනක් වැනි කාලයකදී පාරිභෝගිකයින්ට මෙම සහන ලැබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණ ගනු ලැබූ අතර ඩොලරය අවප්‍රමාණය වී රුපියල ශක්තිමත් වීම මෙම සහන ලැබීමට හේතුව බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම කුකුළු මස් මිල ඉහළයෑම සම්බන්ධයෙන් ද ඉදිරි දින කිහිපයේදී විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ස්ථාවර වන වෙමින් පවතින අතර සැමවිටම පාරිභෝගිකයාට සහන සැලසීමට කටයුතු කරන බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ දී කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
32
+1
2
+1
0
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?