භාණ්ඩ මිල පාලනය කරන්න රජය ඉදිරියට

කිරිපිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල වැඩිවීමක් මෙන්ම ඒවායේ හිඟයක්ද පවතින බව තමන් පිළිගන්නේ යැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර සිටිනවා.

වතුකරයේ ජනතාව සඳහා තිරිඟු පිටි ලබාදීමේ වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

උඩරට වතුකරයේ ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මකකළ රජයේ සහනාධාර සුබසාධන යෝජනා ක්‍රමය යටතේ තිරිඟු පිටි ලබාදීමේ සමාරම්භක උත්සවය තලවකැලේ, වටගොඩ මඩකුඹුර වතුයායේදී පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,

“පාරිභෝගික භාණ්ඩවල ප්‍රශ්නයක් තිබෙන බව අප පිළිගන්නවා. පසුගිය කාලසීමාව තුළදී විශේෂයෙන්ම හාල්, පිටි, කිරිපිටි, සීනි, ගෑස්, සිමෙන්ති මේ සෑමදෙයකම හිඟයක් සහ මිල වැඩිවීමක් තිබුණු බව අප පිළිගන්නවා. ඇතැම් ව්‍යාපාරිකයින් මේ අවස්ථාවේදී අයතා ලාබ ලබාගැනීමේ අරමුණක් ඇතිව බඩුමිල වැඩිකිරීමක් හිඟයක් ඇති බවට මවාපාලා ඇතිකරනවා. ඒ වෙනුවෙනුත් පාරිභෝගික අධිකාරිය විදිහට අපි විශේෂ වැටලීම් සහ විමර්ශනයන් කරලා. ඒවා පාලනය කිරීමටත්, සමස්තයක් වශයෙන් භාණ්ඩ සුලභකරලා මිල පාලනය කිරීමේ ඉලක්කයක් ඇතිකරලා අපි ඒ කාර්ය කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?