භාණ්ඩ මිල පාලනය කරන්න රජය ඉදිරියට

කිරිපිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල වැඩිවීමක් මෙන්ම ඒවායේ හිඟයක්ද පවතින බව තමන් පිළිගන්නේ යැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර සිටිනවා.

වතුකරයේ ජනතාව සඳහා තිරිඟු පිටි ලබාදීමේ වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

උඩරට වතුකරයේ ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මකකළ රජයේ සහනාධාර සුබසාධන යෝජනා ක්‍රමය යටතේ තිරිඟු පිටි ලබාදීමේ සමාරම්භක උත්සවය තලවකැලේ, වටගොඩ මඩකුඹුර වතුයායේදී පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,

“පාරිභෝගික භාණ්ඩවල ප්‍රශ්නයක් තිබෙන බව අප පිළිගන්නවා. පසුගිය කාලසීමාව තුළදී විශේෂයෙන්ම හාල්, පිටි, කිරිපිටි, සීනි, ගෑස්, සිමෙන්ති මේ සෑමදෙයකම හිඟයක් සහ මිල වැඩිවීමක් තිබුණු බව අප පිළිගන්නවා. ඇතැම් ව්‍යාපාරිකයින් මේ අවස්ථාවේදී අයතා ලාබ ලබාගැනීමේ අරමුණක් ඇතිව බඩුමිල වැඩිකිරීමක් හිඟයක් ඇති බවට මවාපාලා ඇතිකරනවා. ඒ වෙනුවෙනුත් පාරිභෝගික අධිකාරිය විදිහට අපි විශේෂ වැටලීම් සහ විමර්ශනයන් කරලා. ඒවා පාලනය කිරීමටත්, සමස්තයක් වශයෙන් භාණ්ඩ සුලභකරලා මිල පාලනය කිරීමේ ඉලක්කයක් ඇතිකරලා අපි ඒ කාර්ය කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57