Empty Ad
AFC Banner

භයානක ළමා රෝගයක් හිස ඔසවයි – හේතුව පණුවෙක්

මේ දිනවල මෙරට දරුවන් අතර පැතිර යන රෝගයක් පිළිබඳව වෛද්‍ය අංශ අනාවරණය කරනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ටෙක්සොකාරා නමින් හඳුන්වන මෙම රෝගී තත්වය පණු රෝගයක් බවයි.

එය මේදින වල දරුවන් අතර සුලභව පැතිර යන බව ද ඔහු පවසා සිටියා.

මෙහි දී දරුවන්ගේ සම මත පණුගෙඩි ලෙස ඇතිවන අතර, ඇතැම්විට ඒවා ඇස්, මොළය සහ පෙණහළුවලට ද ඇතුළු විය හැකි බව යි වාර්තා වන්නේ.

එලෙස සිදු වුවහොත් ඒ හරහා බරපතල සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවා. 

එමෙන්ම මෙම පණු රෝගය සුනඛයින් සහ බළලුන්ගෙන් බෝවිය හැකි බව යි ඔහු පෙන්වා දෙන්නේ.

මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් දරුවන් නිවෙස්වලටම වී සිටීම හරහා, ඔවුන් සුරතල් සතුන් සමග වැඩි වැඩියෙන් කාලය ගත කිරීම, මෙම රෝගය හදිසියේ හිස එසවීමට එක් හේතුවක් විය හැකි බවට වෛද්‍යවරු සැක පළ කරනවා.

ඒ හේතුවෙන් සුරතල් සතුන් සමග ගැවසීමේ දී සැළකිලිමත් විය යුතු බවටත්, සතුන් අතපත ගෑමෙන් අනතුරුව නිසි පරිදි පිරිසිදු වීම වැදගත් බවටත් සෞඛ්‍ය අංශ පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බඩ වියත රැකගත්තු කුඹුරු ඔක්කොම ජලයෙන් යට වෙලා - අනේ දෙවියනේ අපට වෙච්ච විපතක්
02:35
Video thumbnail
අනුර කුමාර දිසානායකත් ජවිපෙ reband කරා - "වෙන සුදුස්සෙක් නෑ මම ඇරෙන්න" #hirunika #sjb #jvp #npp
12:39
Video thumbnail
සුළි කුනාටු අවපාතය තමිල්නාඩු වෙරළ වෙත - අසල්වැසි රටට විපතක් සිදු නොවේවා
01:10
Video thumbnail
ඇඬූ කඳුලින් ජාතික ලැයිස්තුවෙන් මන්තී ධූරයක් ඉල්ලන හිරුණිකා - පව් අප්පා පව්
04:37
Video thumbnail
ජීවිතයේ තමන්ටම කියලා Vibe එකක් තියාගන්න
04:06
Video thumbnail
බිලියන 8ක් බදු නොගෙවපු කැසිනෝකාරයෝ මෙන්න
04:50
Video thumbnail
තුණ්ඩු උඩ දාලා තෝරන්න යන සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය
08:21
Video thumbnail
සජිත් හදිසියේ දිස්ත්‍රික් තුනක මන්ත්‍රීවරු කොළඹට කැඳවයි
14:35
Video thumbnail
අලුත් ක්‍රීඩා ඇමති හදිසියේ සුගතදාසයට යයි - හොරුන්ට රතු එළි දල්වයි
08:23
Video thumbnail
පිහිටක් අවැසි මොහොතේ සරණක් වෙන්න කැමති ඔබට අපෙන් ඇරයුම්
01:10

?