”බෝම්බ හෙළන්න එපා” – ට්‍රම්ප් ඊශ්‍රායලයට අණ කරයි

කිසිදු ලෙසකින් ඉරානයට බෝම්බ හෙළීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර සිදු කළ සටන් විරාම උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඊශ්‍රායලය හා ඉරානය ගැන දැඩි කෝපයෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (24) සටන් විරාමයට එකඟ වන බවට ඉරානය හා ඊශ්‍රායලය නිවේදනය කර, හෝරා කිහිපයක දී ඉරානය උතුරු ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

කෙසේවෙතත් ඊශ්‍රායලය පවසා සිටියේ සටන් විරාමය උල්ලංඝනය කළ ඉරානයට කොන්දේසි විරහිත ව ප්‍රහාර එල්ල කරන ලෙසටයි.

නමුත් ඉරානය තමන් සටන් විරාමය උල්ලංඝනය නොකළ බවත් මිසයිල ප්‍රහාර එල්ල කිරීම අසත්‍ය චෝදනාවක් බවත් ප්‍රකාශ කළා.

මෙවන් තත්ත්වයක් යටතේයි අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් බෝම්බ හෙළීම සිදු නොකරන ලෙසට ඉල්ලා ඇත්තේ.

එසේ සිදු කළහොත් ඊශ්‍රායලය ද සටන් විරාමය ප්‍රධාන වශයෙන් උල්ලංඝනය කළ කොටසක් බවටත් ට්‍රම්ප් දැනුම්දී තිබෙනවා.

ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ ප්‍රහාරය සඳහා සූදානම් කර යැවූ ගුවන් නියමුවන් යළි ගෙන්වා ගන්නා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04