”බෝම්බ හෙළන්න එපා” – ට්‍රම්ප් ඊශ්‍රායලයට අණ කරයි

කිසිදු ලෙසකින් ඉරානයට බෝම්බ හෙළීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර සිදු කළ සටන් විරාම උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඊශ්‍රායලය හා ඉරානය ගැන දැඩි කෝපයෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (24) සටන් විරාමයට එකඟ වන බවට ඉරානය හා ඊශ්‍රායලය නිවේදනය කර, හෝරා කිහිපයක දී ඉරානය උතුරු ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

කෙසේවෙතත් ඊශ්‍රායලය පවසා සිටියේ සටන් විරාමය උල්ලංඝනය කළ ඉරානයට කොන්දේසි විරහිත ව ප්‍රහාර එල්ල කරන ලෙසටයි.

නමුත් ඉරානය තමන් සටන් විරාමය උල්ලංඝනය නොකළ බවත් මිසයිල ප්‍රහාර එල්ල කිරීම අසත්‍ය චෝදනාවක් බවත් ප්‍රකාශ කළා.

මෙවන් තත්ත්වයක් යටතේයි අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් බෝම්බ හෙළීම සිදු නොකරන ලෙසට ඉල්ලා ඇත්තේ.

එසේ සිදු කළහොත් ඊශ්‍රායලය ද සටන් විරාමය ප්‍රධාන වශයෙන් උල්ලංඝනය කළ කොටසක් බවටත් ට්‍රම්ප් දැනුම්දී තිබෙනවා.

ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ ප්‍රහාරය සඳහා සූදානම් කර යැවූ ගුවන් නියමුවන් යළි ගෙන්වා ගන්නා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?