බෝඩර් – ගවස්කාර් කුසලානය ඉන්දීය ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ ම අවසන් තරගාවලිය වීමේ වැඩි ඉඩක්

මෙම මස අග දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරග මාලාව ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ම අවසන් තරගාවලිය වනු ඇති බව බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්දීය ටෙස්ට් නායක රෝහිත් ශර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් යන ජ්‍යෙෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයන්ගේ අනාගතය මෙම තරගාවලියෙන් පසු තීරණය වනු ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව බොහෝ විට මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හතර දෙනාගෙන් දෙදෙනකුටවත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් තරගාවලිය වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

නවසීලන්තය සමඟ අද නිමා වූ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවමන් සහගත ලෙස පරාජයට පත්වීමට ඉන්දීය කණ්ඩායමට සිදුවීමත් සමඟ මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ ඉදිරි අනාගතය පිළිබඳව මේ වනවිට කතා බහක් මතුව තිබෙනවා.

මේ අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන බෝඩර් – ගවස්කාර් කුසලානය ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය ඉන්දියාවේ ලෝක ටෙස්ට් ශුරතාවේ ස්ථානය තීරණය කරන ප්‍රබල සාධකයක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

යම් හෙයකින් බෝඩර් ගවස්කාර්-කුසලානය ඉන්දියාව පරාජයට පත්වුව හොත් ඉන්දියාවට අවසන් මහා තරගයේ ස්ථාන වෙන් කර ගැනීමට අනෙක් කණ්ඩායම්වල තීරණය දෙස බලා සිටීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
44
+1
1
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53