බෝක්කු බටයක සිරවූ වන අලියා මියයයි (ඡායාරූප)

පොළොන්නරුව, අරලගංවිල, 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කු බටයක් තුළ සිරවූ අලි පැටවෙකු අද (08) උදෑසන මියගොස් ඇති බව වෙහෙරගල වනජීවී නිළධාරීන් සඳහන් කරනවා.

එම අලි පැටවා තවත් අලි රෑනක් සමඟ කුඹුරුයායේ ඊයේ (07) උදෑසන සැරිසරමින් සිට ඇති අතර, අලි පැටවා ඇළට වැටී ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් බෝක්කුවක සිරව ඇති බවයි වාර්තා වුණේ.

පසුව ප්‍රදේශවාසින් විසින් ඒ සම්බන්ධව මහවැලි අධිකාරියේ විජයබාපුර මහවැලි කොට්ඨාශය කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එම කාර්යාලයේ නිළධාරීන් කිහිපදෙනෙකු සහ වනජීවීන් නිලධාරින්ද පැමිණ අලිපැටවා බෝක්කු බටෙන් ගොඩගැනීමට පැය කිහිපයක් උත්සාහ දැරුව ද එය අසාර්ථක වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙහෙරගල අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ජී. වීරසේන සඳහන් කළේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චිට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් කර ඇති බවත්, ඔහු පැමිණ අද (08) දහවල් අලිපැටියා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සිදුකිරීමට නියමිතව තිබූ බවයි.

1
2 1
2 2
2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40