AFC Banner
AFC Banner
Empty Ad

බොහෝ ප්‍රදේශවලට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙසටයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ.

මේ අතර පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඊයේ පස්වරුවේ දිස්ත්‍රික්ක 3කට නාය යාමේ අවදානම් නිවේදන ද නිකුත් කෙරුණා. ඒ බදුල්ල කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික් සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?