ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් අද (02) පස්වරුවේ දිවයිනට පැමිණියා.
දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීම වෙනුවෙන් රිතික් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු සමඟ තවත් බොලිවුඩ් සහාය නළුවන් කිහිප දෙනෙකු ද මෙරටට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
රිතික් රෝෂන් ඇතුළු පිරිස අද (02) සවස 05.10ට ඉන්දියාවේ සිට VTNSG දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
5
+1
+1
1
+1
1
+1
2















