බොල්ගොඩ ගඟේ තිබී 75 හැවිරිදි කාන්තාවකගේ නිසළ සිරුරක් හමුවෙයි

බොල්ගොඩ ගඟට පැන සිය දිවි හානි කරගෙන ඇතැයි සැකකරන කාන්තාවකගේ මල සිරුරක් අද (31) පෙරවරුවේ මොරටුව අලුත් පාලම අසළ දී සොයාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව, එගොඩඋයන, රන්වැලි මාවත ප්‍රදේශයේ පදිංචි හෙට්ටියාකන්දගේ සිල්වියා හැරියට් නෝනිස් නමැති 75 හැවිරිදි සිව් දරු කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය කිසියම් මානසික ආතතියෙන් පෙලී සිට ඇති අතර ඒ සඳහා ඇය ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එගොඩඋයන පොලීසිය මගින් සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?