spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බොරැල්ල – කාදර් නානා වත්තේ විශේෂ වැටලීමක් – ආයුධ සමඟ පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)

බොරැල්ල – කාදර් නානා වත්ත ප්‍රදේශයේ අද (21) අලුයම සිදුකළ වැටලීමකින් තියුණු ආයුධ සමඟ පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, අපරාධ රැසකට සම්බන්ධ කාදර් නාන වත්තේ ‘මල්ලියා’ නැමැති අපරාධකරු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සමඟ කඩු 08ක් කිනිස්සක් සහ හෙරොයින් මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30ක් සහ පොලිස් නිලධාරීන් 40ක් එක්ව අද (21) අලුයම 3.00 සිට 6.00 දක්වා කාලය තුළ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?