බොරතෙල් නැවක් දින 20ක් මුහුදේ පල් වෙයි

දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවක් තිබේ. ඒ සදහා ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් මෙලෙස නැංගුරම්ලා ඇති බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු අද (10) පැවසීය.

මේ සදහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බවයි ඔහු පැවසුවේ. ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද සඳහන් කළේය.

කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවී තිබෙනවා.

මේ වන විට එය නිදහස් කරගැනීමට අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවයි එම නිලධාරියා පැවසුවේ.

ඌරල් නැමැති බොරතෙල් වර්ගය ප්‍රමිතියෙන් තොර බවට මේ වන විට චෝදනා එල්ලවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46