බොබ් මාලි අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලුදුර චමින්ද නොහොත් බොබ් මාලි ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

ගාල්ල වීරපාන ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම සැකකරුවන් අද පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

43 හැවිරිදි මෙම සැකකරු බලපිටිය ප්‍රදේශයේ අයෙක් වන අතර මාළඹේ ප්‍රදේශයේ පදිංචිව සිටින අයෙක් බව සඳහන්.

පසුගිය 2021 වසරේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය රැගෙන ඒමට මෙම බොබ් මාලි නම් සැකකරු සම්බන්ධ බවට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මෙම සැකකරුගේ බිරිඳ වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් මෙන්ම 27 හැවිරිදි චීවරධාරියෙක් ද ඕපාත පොලිසිය කළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සිටි නිවස කුලී පදනම මත ලබාදී තිබූ 62 හැවිරිදි පුද්ගලයෙක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් චීවරධාරියා කැලණිය බතලහේනවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි අයෙක් බව ද සඳහන්.

ඕපාත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අද දහවල් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වය යටතේ මෙම වැටලීම සිදුකර තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42
Video thumbnail
රන්වලගේ සිද්ධිය මං දන්නෙත් නෑ..අදහසකුත් නෑ..අපි ආපදා වැඩවල ඉන්නේ..විපක්ෂය සෑහෙන අතරමං වෙලා
13:48
Video thumbnail
කළු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි තිදෙනෙකු බඩුත් එක්කම කොටුවෙයි
02:43
Video thumbnail
"ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ'වැලිකන්ද ප්‍රදේශය කම්පා කළ බිහිසුණු නාය යෑම..
03:49


?