AFC Banner
Empty Ad
Empty Ad

බේරුවල පාසලක සාමාන්‍ය පෙළ සිසුවකුට කොරෝනා

බේරුවල විදුහලක ඉගෙනුම ලබන මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට අද(02) කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි.

ඉකුත් 30වැනි දින මෙම සිසුවාගේ සොහොයුරා ද කොවිඩ් -19 ආසාදිතයකු බවට තහවුරු වී තිබිණි. එම පවුලේ සාමාජිකයන්ට කළ පී.සී. ආර් පරීක්ෂණවලින් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන සිසුවා අද (02) ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

ඉකුත් 30 දින සිට එම පාසලේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීම සීඝ්‍ර ලෙස අඩුවී ඇති අතර, අද(02) පාසලට පැමිණ ඇත්තේ සිසුන් 98 දෙදෙනකුගෙන් 16 දෙනෙකු බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා පැවසීය.

ආසාදිත සිසුවා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇතැයි බේරුවල පොලිසිය ස්ථානයේ කොවිඩ් 19 පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීහඅ සඳහන් කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?