බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ගැන තොරතුරු එළියට

බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම දැනට විදේශගතව සිටින අපරාධකල්ලි සාමාජිකයෙක් වන කොස්ගොඩ සුජී නමැත්තා විසින් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසළදී 22 උදෑසන 8.20ට පමණ සුදු පැහැති ඩිෆෙන්ඩරයකින් පැමිණි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවුණා. වෙඩි වැදීමෙන් ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

එක් පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්වූණේ.

මියගිය පුද්ගලයින් අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරා ද වන අතර අධිකරණ කටයුත්තක් සදහා ගමන් කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ.කෙසේ වෙතත් ප්‍රහාරයට ලක්වූ ඩිෆෙන්ඩර් රථය පසුපස ප්‍රහාරය එල්ලකළ ජීප් රථය ලුහුබදින දර්ශනයක් සී සී ටී වී කැමරාවක සටහන් වී තිබුණා. වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයින් බෙලිඅත්තේ සිට කඹුරුපිටිය දක්වා ගමන් කර ඇති අතර කඹුරුපිටියේදී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු එම ජීප් රථයෙන් බැස යන ආකාරය ද සී සී ටී වී කැමරාවේ සටහන් වී තිබුණා.අනතුරුව ජීප් රථයෙන් බැසගිය පුද්ගලයා මාතර බලා ධාවනය වන බස් රථයකට ගොඩවන අයුරු ද දර්ශන සහිතයි. මේ වන විට වාර්තා වන්නේ කෙසේ වෙතත් සැකකරු කඹුරුපිටිය ප්‍රදේශයෙන් බැස්සුවූ අදාළ ජීප් රථය අකුරැස්ස හරහා දෙණියාය ප්‍රදේශයට ගමන් කර ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?