බෙල්ලට සහ කොන්දට සිදුවූ හානියට පුද්ගලයෙක් නගර සභාවෙන් වන්දි ඉල්ලයි

නගරයේ අබලන් වූ මාර්ග පද්ධතිය හේතුවෙන් තමන්ට සොඛ්‍ය ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බව පවසමින් මහ නගර සභාවකින් වන්දි ඉල්ලා නීතිමය දැන්වීමක් (නොතීසි) භාරදුන් පුද්ගලයෙක් පිළිබඳව පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බෙංගාලෝරයේ රිච්මන්ඩ් නගරයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්; බෲහත් බෙංගාලෝරු මහ නගර සභාවෙන් මෙලෙස ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

දිව්‍ය කිරන් නැමැති මෙම පුද්ගලයා පවසා ඇත්තේ, තමන් බදු ගෙවන පුරවැසියෙකු වුව ද, මූලික යටිතල පහසුකම් නඩත්තු කිරීමට කටයුතු සිදු කිරීමට සිවිල් ආයතනය අසමත් වීම හේතුවෙන් තමන් අඛණ්ඩව ශාරීරික දුෂ්කරතා සහ මානසික පීඩාවන්ට මුහුණ දී ඇති බවයි.

තම සේවාදායකයා ශාරීරික වේදනාව උත්සන්න වීම හේතුවෙන් ඔහුට විකලාංග විශේෂඥයින් පස්දෙනෙකු හමුවීමට සිදු වූ බවත්, ඔහු ප්‍රතිකාර වෙනුවෙන් ශාන්ත ෆිලෝමිනා රෝහලට අවස්ථා හතරක දී ගිය බවත්, උග්‍ර වේදනාව සමනය කිරීම සඳහා එන්නත් සහ ක්‍රියා පටිපාටිවලට භාජනය වූ බවත් දිව්‍ය කිරන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පවසනවා.

එමෙන්ම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා කිරාන් බහු ඖෂධ සහ වේදනා නාශක ලබාගෙන ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

වේදනාවෙන් කෑගැසීම, නින්ද නොයාම,මානසික පීඩාවන් ඔහුට අත්විඳන අතර, මේ සියල්ල ඔහුගේ යහපැවැත්මට සහ දෛනික ක්‍රියාකාරිත්වයට දැඩි ලෙස බලපා ඇති බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

හානි වූ මාර්ග ඔහුගේ කොඳු ඇට පෙළ සහ බෙල්ලේ තත්ත්වය දැඩි ලෙස නරක අතට හැරී ඇති බැවින්, ඔහුට මෝටර් රථයෙන් හෝ යතුරුපැදිවලින් ගමන් කළ නොහැකි බව සඳහන් කළ කිරන්, මෙය ඔහුගේ සංචලතාව සහ ස්වාධීනත්වය දැඩි ලෙස සීමා කරන අතර එය පෞද්ගලික සහ වෘත්තීය කැපවීම් දෙකටම බලපා ඇති බවත් ඔහු සඳහන් කරනවා.

ඒ අනුව චිත්තවේගය සහ ශාරීරික පීඩාවන් සඳහා රුපියල් ලක්ෂ 50 ක වන්දියක් මෙන්ම වෛද්‍ය උපදේශන සඳහා ගමන් වියදම් දින 15 ක් ඇතුළත ගෙවන ලෙසත් දිව්‍ය කිරන් නැමැත්තා අදාළ මහා නගර සභාවවට නොතීසි යොමුකරමින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එසේ කිරීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් යොමුකළ නොතීසියේ දැක්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊට අමතරව නීතිමය දැන්වීම සඳහා ගාස්තු ලෙස ඉන්දීය රුපියල් 10,000ක් ද කිරන් විසින් ඉල්ලා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25