බූස්ස බන්ධනාගාරය තුළ STF සෝදිසි මෙහෙයුමක් – ජංගම දුරකථන සහ කොටස් සොයාගෙන

බූස්ස බන්ධනාගාර තුළ සිදුකළ හදිසි සෝදිසි කිරීමක දී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

බන්ධනගාරයේ විශේෂ අංශයේ C කොටසේ අංක 69 සිරමැදිරියේ සහ අංක 74 සිරමැදිරිය තුළ තිබි මෙම ජංගම දුරකථන සහ කොටස් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට බන්ධනාගාර CCTV මෙහෙයුම් මැදිරියේ දී නිරීක්ෂණය වූ CCTV දර්ශණ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මේවා සොයාගෙන තිබෙනවා.

ජංගම දුරකථන 03 ක්, හැන්ඩ් ෆ්‍රී 01ක්, චාජර් පරිපථයක් හා ඩේටා කේබලයක් මෙලෙස සොයාගත් භාණ්ඩ අතරට අයත්.

මෙලෙස සොයාගත් ජංගම දුරකථන සහ කොටස් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?