AFC Banner
Empty Ad
Empty Ad

බූස්ස බන්ධනාගාරයේ හදිසි මෙහයුමක් – ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයාගෙන

විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රෝහල සහ ඒ අවට ප්‍රදේශය තුළ හදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

ඊයේ (07) සිදුකළ මෙම මෙහෙයුමේ දී නවීන පන්නයේ ජංගම දුරකථන සහ දුරකථන උපාංග රැසක් සොයා ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ජංගම දුරකථන 03ක් සහ එම අමතර උපාංග සමඟ සිමෙන්ති හා පොටි අඩංගුව තිබූ පාර්සලයක් ද මෙහිදී විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

ඒවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?