බූරුමූනාට රැකවරණය දුන් භික්ෂුන් දෙනම ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් අත්අඩංගුවේ සිටියදී පලාගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණරංගන නොහොත් බූරුමූනා එසේ පැනයාමට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනාගෙ ඇප ඉල්ලීම මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද ප්‍රතික්‍ෂේප කළා.

විනිසුරු චම්පික රාජපක්‍ෂ මහතා නියෝග කරනු ලැබුවේ එම සැකකරුවන් මේ මස 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

රිට්ටාදෙණිය, හෙට්ටිපොළ ලිපිනයේ පදිංචි 48 වියැති පොත්තේවෙල ඉන්ද්‍රසාර හිමි, දිවුල්වැවේ දීපානන්ද හිමි(52) සහ අංක 536/2/A, බන්ඩත්තර කන්ද, අඹේවෙල, කළුබෝවිට්යන, කඹුරුගමුව පදිංචි 28 වියැති වීරසිංහ ආරච්චිලාගේ දිලාන් පැතුම් ප්‍රභාත් (කාර් රථයේ රියදුරු) යන තිදෙනා මෙසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර කෙරුණා.

මනුෂ්‍ය ඝාතන 19 ක් ඇතුළු අපරාධ ගණනාවකට චෝදනා එල්ලව සිටින කළුතර දකුණ දුව පන්සල පාරේ පදිංචි 28 වියැති කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණරංගන නැමැත්තා ඩුබායි බලා පැනයාමට පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොල පොලිසියට බාරදුන්පසු පලාගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?