බුදු පිළිමයක් සොරමක් කළ තිදෙනෙක් අත්අඩංගුවට

මහනුවර යුගයට අයත් යැයි සැලකෙන පෞරාණික බුදු පිළිමයක් සමග සැකකරුවන් තිදෙනකු
දිවුලපිටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(14) රාත්‍රී දිවුලපිටිය නගරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් සතුව තිබූ ගමන් මල්ලක බුදු පිලිමය සඟවා තිබූ බවයි දිවුලපිටිය පොලිසිය පැවසුවේ.

හොරණ ප්‍රදේශයේ නිවසකින් මෙම බුදු පිලිමය සොරාගෙන ඇති බවත් අනාවරණය වුණා.

සැකකරුවන් සතුව වරායට ඇතුළුවීම සඳහා අවශ්‍ය අවසර පත්‍ර තුනක් තිබූ බවත් පොලිසිය පැවසුවා.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 03 15 at 08.24.12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?