බුදු දහමට සිදුවන අපහාස ගැන මහ නාහිමිවරුන්ගේ අවධානය (වීඩියෝ)

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුවාවෙන් බුද්ධ ධර්මයට අපහාස වන අයුරින් හැසිරීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි පවසනවා.

බුදු දහමට අපහාස කිරීම සඳහා ගිහියන් මෙන්ම චීවරධාරීන් ද කටයුතු කරන බව මෑතක සිට නිරන්තරයෙන් දැකිය හැකි බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

වර්තමානය වන විට බුදු සසුනට ඉල්ලවන අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කර පිවිතුරු බුදු දහම රැක ගැනීම සඳහා වන විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී පැවැත්වුණා.

බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති බව එහිදී පෙන්වා දුන් අනුනායක හිමියන් කියාසිටියේ මහජනයාට මෙන්ම ආණ්ඩුවට ද බුදු දහම රැක ගැනීමේ වගකීමක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මහා නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය අවධානයෙන් පසුවන බව කී අනුනායක හිමි, අධිරාජ්‍යවාදයෙන් රටට සිදුවූ හානියට සමාන හානියක් මේ වන විට සිදුකරමින් පවතින බව පෙන්වා දුන්නා.

මෙවැනි තත්ත්වයක් යටතේ මහජනතාව වඩාත් විමසිලිමත් විය යුතු යැයි සඳහන් කළ උන්වහන්සේ බුදුදහම රැක ගැනීම පරම වගකීමක් බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?