AFC Banner
AFC Banner
Empty Ad

බුදු දහමට අපහාස කළ කාන්තාව සමග රට යන්න තවත් අයෙක් ඇවිත්

අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාව සම්බන්ධයෙන් නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බෞද්ධ ආගමට, බෞද්ධ සහ කිතුණු පාසැල්වලට මෙන්ම ඒවායේ ඉගෙනුම ලබන සිසුවියන්ට අපහාස වන පරිදි ” මෝඩාභිමානය ” නැමැති වැඩසටහනක් ඉදිරිපත් කළ මෙම කාන්තාව අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී යි ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දෙනු ලැබුවේ.

මෙම කාන්තාව විදේශ ගත වීමට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබූ බව සඳහන්.

ඒ අනුව ඇය ඊයේ (27) රාත්‍රී 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා .

31 හැවිරිදි මෙම කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

ඇය අද (28) දින අලුයම 12.05ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතව තිබූ මැලේසියානු ගුවන් සේවයේ MH- 178 දරන ගුවන් යානය අපේක්ෂාවෙනුයි පැමිණ තිබුණේ.

බුදු දහමට අපහාස වන ප්‍රකාශ කළ මෙම කාන්තාව සමග පිටත්ව යාම සඳහා හෙන්නායක මුදියන්සේලාගේ පැතුම් බණ්ඩාර එගොඩවත්ත නම් අයෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව සඳහන්.

එහෙත් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු ද සිය ගුවන් ගමන අතහැර ආපසු පිටත්ව ගොස් තිබෙනවා.

මොවුන් දෙදෙනා මෙම මැලේසියානු ගුවන් යානයෙන් ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැළසුම් කර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවටයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව අලුයම 01.20ට පමණ කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
57
+1
1
+1
2
+1
6
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?