AFC Banner
AFC Banner
Empty Ad

බී ලූනු කිලෝවක මිල අහස උසට (වීඩියෝ)

දේශිය වෙළඳපොලේ බී ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ත් 700 ත් අතර විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් පාරිභෝගිකයන් බි ලූනු මිලදී ගැනීමෙන් වැළකී රතු ළුණු මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි වෙළෙදුන් සදහන් කළේ.

බී ලූනු මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් මිලදී නොගැනීම මත තමන් බී ලූනු තොග රැස් නොකල බවත් බී ළුණු මිල ඉහල යාමට හේතුව තොග මිල ඉහල යාම බවත් වෙළෙදුන් කියා සිටියා.

එමෙන්ම රතු ලූනු කිලෝවක මිල රුපියල් 350-400 අතර මිලකට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් වැඩි වශයෙන් රතු ළුණු මිල දි ගන්නා බවයි වෙළෙදුන් සදහන් කළේ.

මේ පිළිබදව අදහස් පල කරමින් ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පැවසුවේ හෙට (13) දිනයේ පාරිභෝගික අධිකාරියට ගොස් මෙලෙස බී ලූනු මිල ඉහළයාම පිළිබදව විමසීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?