AFC Banner
Empty Ad
Empty Ad

බීඩි කොළ කිලෝ 2447ක තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව, පුත්තලම, පාලවිය, හලාවත සහ මීගමුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ සහ අතහැර දමන ලද බීඩි කොළ කිලෝ 2447ක පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බීඩි කොළ තොගය සමග සැකකරුවෙක් සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, මෙම මෙහෙයුම් සිදු කර තිබුණා.

ඊයේ (22) රාත්‍රී කාලයේ හලාවත මයික්කුලම වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී එම ලොරි රථය තුල නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනයට සූදානම් කර තිබූ උර 46ක අසුරන ලද බීඩි කොළ කිලෝ 1460ක පමණ තොගයක් සමඟ එම ලොරි රථය සහ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, ඊයේ උදෑසන මීගමුව, කම්මල වෙරළ හා මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන උර හා පාර්සල් ලෙස අසුරන ලද බීඩි කොළ කිලෝ 650ක පමණ තොගයක් සොයා ගැනුණා.

මේ අතර අද පුත්තලම සින්නපාඩු සහ පෙරියපාඩු වෙරළ ප්‍රදේශයන්හී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබී පාර්සල් 10ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 337ක පමණ තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නීතියේ රැහැනට හසුකර ගත් වයස අවුරුදු 51ක් වන සැකකරු මයිලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරු සමඟ බීඩි කොළ තොගය සහ ලොරි රථය පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

එමෙන්ම, මීගමුව කම්මල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, පුත්තලම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ ඉදිරි නිතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?