බිස්නස් ක්ලාස් එකේ ප්‍රංශයට පළා යාමට උත්සාහ කළ තරුණයාට වැඩ වරදී

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිත කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ තරුණයෙක් ඊයේ (02) රාත්‍රියේ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු යාපනය, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික මූල්‍ය සමාගමක ක්ෂේත්‍ර නිලධාරීවරයෙකු ලෙස සේවය කළ 36 හැවිරිදි තරුණයෙක්.

ඔහු ඊයේ (02) දින රාත්‍රී 06.50 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා ඇමෙරිකානු ඩොලර් 60ක මුදලක් වැය කර කටුනායක ගුවන් තොටුපොළ ” සේද මාවත ” (Silk Route ) ව්‍යාපාරික පංතියේ පහසුකම් සහිත විශේෂ පර්යන්තය වෙත පිවිස තිබෙනවා.

එහිදී ආගමන විගමන, රේගු නිලධාරීන් මෙම පර්යන්තය වෙත පැමිණ එම මගීන්ගේ නිශ්කාශන කටයුතු සිදුකර තිබුණා.

ඒ, අනුව මෙම තරුණයා වෙත පැමිණි ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේ දී ඇති වූ සැකය මත , ඔහු එම පර්යන්තයෙන් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා ගෙන ගොස් , එහි සේවයේ නිරත නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම නිලධාරීන් විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මොහුගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත තොරතුරු සහිත ගමන් බලපත්‍රයකට කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමත් සමඟ මොහු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් පියවර ගෙන තිබුණා.

ඉන්පසුව මොහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ තවත් කූඨ ලෙස සකස් කළ ඉතාලි ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ප්‍රංශයේ නේවාසික වීසා බලපත්‍රයක් ද එම නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව සඳහන්.

මොහු එම වීසා බලපත්‍රය මගින් මීට පෙර ප්‍රංශයේ වාසය කර ඇති බවට තොරතුරු ඇතුළත්ව තිබුණ ද. මොහු ප්‍රංශය වෙත කිසි දිනෙක ගොස් නොමැති බව මේ පිළිබඳ සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මොහුගේ ගමන් මලු තුළ වූ ඉතාලි ගමන් බලපත්‍රය තුළ මාලදිවයින, ඉතාලිය සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු ව්‍යාජ මුද්‍රා රාශියක් යොදා ඇති බව ද හෙළි වුණා.

මෙම ව්‍යාජ මුද්‍රා අතර ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෑතක දී හඳුන්වා දුන් ආරක්ෂිත මුද්‍රා ද සොයාගෙන ඇති බව සඳහන්.

ඒ, අනුව මෙසේ අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගත් අතර, අද (03) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
27
+1
5
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?