බිස්නස් ක්ලාස් එකේ ප්‍රංශයට පළා යාමට උත්සාහ කළ තරුණයාට වැඩ වරදී

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිත කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ තරුණයෙක් ඊයේ (02) රාත්‍රියේ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු යාපනය, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික මූල්‍ය සමාගමක ක්ෂේත්‍ර නිලධාරීවරයෙකු ලෙස සේවය කළ 36 හැවිරිදි තරුණයෙක්.

ඔහු ඊයේ (02) දින රාත්‍රී 06.50 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා ඇමෙරිකානු ඩොලර් 60ක මුදලක් වැය කර කටුනායක ගුවන් තොටුපොළ ” සේද මාවත ” (Silk Route ) ව්‍යාපාරික පංතියේ පහසුකම් සහිත විශේෂ පර්යන්තය වෙත පිවිස තිබෙනවා.

එහිදී ආගමන විගමන, රේගු නිලධාරීන් මෙම පර්යන්තය වෙත පැමිණ එම මගීන්ගේ නිශ්කාශන කටයුතු සිදුකර තිබුණා.

ඒ, අනුව මෙම තරුණයා වෙත පැමිණි ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේ දී ඇති වූ සැකය මත , ඔහු එම පර්යන්තයෙන් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා ගෙන ගොස් , එහි සේවයේ නිරත නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම නිලධාරීන් විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මොහුගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත තොරතුරු සහිත ගමන් බලපත්‍රයකට කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමත් සමඟ මොහු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් පියවර ගෙන තිබුණා.

ඉන්පසුව මොහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ තවත් කූඨ ලෙස සකස් කළ ඉතාලි ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ප්‍රංශයේ නේවාසික වීසා බලපත්‍රයක් ද එම නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව සඳහන්.

මොහු එම වීසා බලපත්‍රය මගින් මීට පෙර ප්‍රංශයේ වාසය කර ඇති බවට තොරතුරු ඇතුළත්ව තිබුණ ද. මොහු ප්‍රංශය වෙත කිසි දිනෙක ගොස් නොමැති බව මේ පිළිබඳ සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මොහුගේ ගමන් මලු තුළ වූ ඉතාලි ගමන් බලපත්‍රය තුළ මාලදිවයින, ඉතාලිය සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු ව්‍යාජ මුද්‍රා රාශියක් යොදා ඇති බව ද හෙළි වුණා.

මෙම ව්‍යාජ මුද්‍රා අතර ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෑතක දී හඳුන්වා දුන් ආරක්ෂිත මුද්‍රා ද සොයාගෙන ඇති බව සඳහන්.

ඒ, අනුව මෙසේ අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගත් අතර, අද (03) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14