අඹුසැමියන් අතර ඇති වූ බහින්බස්වීමක දී බිරිඳ විසින් සැමියාගේ ගෙළ කපා ඝාතනය කර ඇති බව කරණ්දෙනිය පොලිසිය පවසනවා.
කරණ්දෙනිය පොලිස් වසමේ ගුරුබැබිල ප්‍රදේශයේ දී අද (03) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසු වූ නුවන් කුමාර නැමැති දෙදරු පියෙක්.
බිරිඳ විසින් සැමියාට කැත්තකින් ගෙළ ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, කැති ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා නිවසින් පිටතට පැමිණ නිවස ආසන්නයේ වැටී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පහරදීමට යොදාගත් කැත්ත සමඟ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අඹුසැමි යුවළ අතර නිරන්තරයෙන් සිදුවන ආරවුල් සම්බන්ධව අවස්ථා කිහිපයක දී කරණ්දෙනිය පොලිසිය වෙත පැමිණිලි ද ලැබී තිබූ බවයි පොලිසිය පැවසුවේ.














