spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ තරහාවී ගිය නිසා තිදරු පියා ගත් අහස පොළොව නුහුලන තීරණය

නිදා සිටී තම දරුවන් තිදෙනාගේ හිස්වලට අමානුෂික ලෙස පොල්ලකින් පහරදුන් බව කියන පියෙක් පිළිබඳව පුවතක් වාර්තා වනවා. අද අලුයම ගලේවෙල මකුලුගස්වැව 7 කණුව ප්‍රදේශයේ නිවසකින් මෙම සංවේදී පුවත වාර්තා වී තිබුණා.

එලෙස පහරදීමෙන් පසු දරුවන් මිය යන්නට ඇතැයි සිතා පියා විසින් ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මිහිර නුවන් චාමිකර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක් බවයි මකුලුගස්වැව පොලීසිය පැවසුවේ.

දරුවන්ගේ මව සැමියා සමග අමනාප වී නිවසින් පිටව ගොස් මේ වනවිට මාසයකට අධික කාලයක් වන බවද වාර්තා වන්නේ.

බිරිඳ සමග පැවැති ආරවුලක් නිසා සිත් තැවුලෙන් සිටි මිහිර ඊයේ රාත්‍රියේ ගීතයක් ද ගායනා කොට ෆේස්බුක් ගිණුමට එක් කර ඇති අතර පසුව සුදු පැහැති කොඩියක ඡායාරූපයක් ද ෆේස්බුක් ගිණුමේ පළ කර ඔහු මෙම අපරාධය සිදුකර ඇත.

පොලීසිය සඳහන් කරන්නේ අද අලුයම් කාලයේදී ඇඳ මත නිදා සිටි 13, 8 සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාට සහ දියණියට එලෙස අමානුෂික ලෙස හිසට පොල්ලකින් පහරදී ඇති බවයි.

පසුව මිහිර විසින් නිවෙස පිටුපස ගසක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ගම්වාසීන් පවසන්නේ මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්ව කුලී වැඩ කරමින් සිටි අයකු බවයි.

බිරිඳ නිවසෙන් බැහැරව සිටියදී මියගිය පුද්ගලයා දරුවන් සහ ඔහුගේ මව සමග මෙම නිවසේ ජීවත්වී තිබෙනවා.

නිවසේ පිටත ඇති කාමරයක නිදා සිට ඇති මිහිරගේ මව දරුවන්ගේ කෙඳිරිල්ලක් හේතුවෙන් දොර විවෘත කර බලන විට දරුවන් ලේ විලක් මැද සිටින අයුරු දැක තිබෙන අතර පසුව අවට පිරිස් සමග එක්ව දරුවන් වහා රෝහල් ගත කිරීමට ඇය කටයුතු කර ඇත.

සියදිවි නසා ගත් මිහිර ඊයේ සවස් කාලයේදී මෙම සිද්ධිය සැලසුම් කර ඇති බව ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා අනාවරණය වී තිබේ.

දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් එම අවස්ථාවේදීම මහනුවර මහා රෝහල වෙත එම දරුවන් දෙදෙනා මාරු කර යවා තිබේ.

ඒ අනුව දරුවන් දෙදෙනා සහ දැරිය මේ වනවිට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?