බිරිඳ තරහාවී ගිය නිසා තිදරු පියා ගත් අහස පොළොව නුහුලන තීරණය

නිදා සිටී තම දරුවන් තිදෙනාගේ හිස්වලට අමානුෂික ලෙස පොල්ලකින් පහරදුන් බව කියන පියෙක් පිළිබඳව පුවතක් වාර්තා වනවා. අද අලුයම ගලේවෙල මකුලුගස්වැව 7 කණුව ප්‍රදේශයේ නිවසකින් මෙම සංවේදී පුවත වාර්තා වී තිබුණා.

එලෙස පහරදීමෙන් පසු දරුවන් මිය යන්නට ඇතැයි සිතා පියා විසින් ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මිහිර නුවන් චාමිකර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක් බවයි මකුලුගස්වැව පොලීසිය පැවසුවේ.

දරුවන්ගේ මව සැමියා සමග අමනාප වී නිවසින් පිටව ගොස් මේ වනවිට මාසයකට අධික කාලයක් වන බවද වාර්තා වන්නේ.

බිරිඳ සමග පැවැති ආරවුලක් නිසා සිත් තැවුලෙන් සිටි මිහිර ඊයේ රාත්‍රියේ ගීතයක් ද ගායනා කොට ෆේස්බුක් ගිණුමට එක් කර ඇති අතර පසුව සුදු පැහැති කොඩියක ඡායාරූපයක් ද ෆේස්බුක් ගිණුමේ පළ කර ඔහු මෙම අපරාධය සිදුකර ඇත.

පොලීසිය සඳහන් කරන්නේ අද අලුයම් කාලයේදී ඇඳ මත නිදා සිටි 13, 8 සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාට සහ දියණියට එලෙස අමානුෂික ලෙස හිසට පොල්ලකින් පහරදී ඇති බවයි.

පසුව මිහිර විසින් නිවෙස පිටුපස ගසක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ගම්වාසීන් පවසන්නේ මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්ව කුලී වැඩ කරමින් සිටි අයකු බවයි.

බිරිඳ නිවසෙන් බැහැරව සිටියදී මියගිය පුද්ගලයා දරුවන් සහ ඔහුගේ මව සමග මෙම නිවසේ ජීවත්වී තිබෙනවා.

නිවසේ පිටත ඇති කාමරයක නිදා සිට ඇති මිහිරගේ මව දරුවන්ගේ කෙඳිරිල්ලක් හේතුවෙන් දොර විවෘත කර බලන විට දරුවන් ලේ විලක් මැද සිටින අයුරු දැක තිබෙන අතර පසුව අවට පිරිස් සමග එක්ව දරුවන් වහා රෝහල් ගත කිරීමට ඇය කටයුතු කර ඇත.

සියදිවි නසා ගත් මිහිර ඊයේ සවස් කාලයේදී මෙම සිද්ධිය සැලසුම් කර ඇති බව ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා අනාවරණය වී තිබේ.

දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් එම අවස්ථාවේදීම මහනුවර මහා රෝහල වෙත එම දරුවන් දෙදෙනා මාරු කර යවා තිබේ.

ඒ අනුව දරුවන් දෙදෙනා සහ දැරිය මේ වනවිට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51