බිරිඳට වෙඩි තබා සැමියාත් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගනී

නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අතර ඇති වූ ආරවුලක දී සැමියා විසින් බිරිඳට වෙඩි තබා ඝාතනය කර සැමියා ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

32 හැවිරිදි වියේ පසුවූ අඹුසැමි යුවළක් මෙලෙස මියගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා මීට මාස 08කට පමණ පෙර විවාහ වී ඇති බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.

ඊයේ (07) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඔවුන් පදිංචිව සිටි, වෙඩි තැබීම සිදුකළ සැමියාගේ මවට අයත් නිවස තුළ දී බවයි වාර්තා වන්නේ.

දේශීයව නිෂ්පාදනය කරන ලද ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42