නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අතර ඇති වූ ආරවුලක දී සැමියා විසින් බිරිඳට වෙඩි තබා ඝාතනය කර සැමියා ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
32 හැවිරිදි වියේ පසුවූ අඹුසැමි යුවළක් මෙලෙස මියගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා මීට මාස 08කට පමණ පෙර විවාහ වී ඇති බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.
ඊයේ (07) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඔවුන් පදිංචිව සිටි, වෙඩි තැබීම සිදුකළ සැමියාගේ මවට අයත් නිවස තුළ දී බවයි වාර්තා වන්නේ.
දේශීයව නිෂ්පාදනය කරන ලද ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.














EPA NAM KALA HAKI DEYA NEETHIYE THIYENAWA. DIVORCE NOWEE DENNA SUHADAWA KATHA BAHA KARALA SEPERATE WELA DENNA AYE WENA AYA MARRY KALANAM IWARAYI. PASSE DIVORCE CASE EKAK DALA WEN WENNA THIBUNA.