සැමියා සිය බිරිඳගේ ගෙළ කපා ඝාතනය කිරීමෙන් පසු අද (20) අලුයම පොලිසිය පැමිණ භාර වූ පුවතක් නෙළුව, හක්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා මෙම ඝාතනය සිදුකර ඇති අතර, කඳෙන් වෙන් කළ බිරිඳගේ හිස ගෙනවිත් ඇය අනියම් ඇසුරක් පැවැත් වූ බව කියන පුද්ගලයාගේ නිවසේ මිදුලට දමා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක, දරුවන් තිදෙනෙකුගේ මවක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ කාන්තාව නිවස අසල පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර මෙම ආරවුල හටගෙන තිබෙනවා.
එහිදී අද (20) අලුයම 2.00ට පමණ නිවසේ සාලයේ දී සැමියා විසින් ගෙළ කපා බිරිඳව ඝාතනය කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
අපරාධය සිදු කිරීමෙන් අනතුරුව පොලිසියට පැමිණ භාරවී ඇති සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර, ඔහු අද දන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



