බිරිඳගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට ඉන්දියාවට ගිය සැමියාත් ගුවන් අනතුරින් ජීවිතක්ෂයට

බිරිඳගේ මරණයෙන් දින 07කට පසු ව තමන් ජීවත් වූ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට ඊයේ (12) දිනයේ දී එයාර් ඉන්දියන් ගුවන් යානයට ගොඩවී, ජීවිතක්ෂයට පත් වූ දෙදරු පියෙකු පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අර්ජුන් පටෝලියා නමැති පුද්ගලයෙක්.

සතියකට පමණ පෙර පටෝලියාගේ ආදරණීය බිරිඳ ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇයගේ අවසන් ඉල්ලීම වී ඇත්තේ, ඇයගේ භෂ්මාවශේෂ ඇය උපන් බිම වන ගුජරාටයේ අම්‍රේලි දිස්ත්‍රික්කයේ තැන්පත් කරන ලෙසයි.

එම ඉල්ලීම ඉටු කිරීම සඳහා ගුජරාටයට ගොස් සිටි මෙම දෙදරු පියා (අර්ජුන් පටෝලියා) ආදරණීය බිරිඳගේ ඥාතීන් හා එක් ව බිරිඳගේ භෂ්මාවශේෂ තැන්පත් කර, දින කිහිපයකට පසු යළිත් තම දරුවන් දෙදෙනා සමග එක්වීමට ලන්ඩනය බලා ගමන් ඇරඹීමට අහමදාබාද් ගුවන්තොටුපොළ වෙත ඊයේ දහවල් පැමිණ තිබුණා.

ඒ අනුව අර්ජුන් පටෝලියාට සිය ගමනාන්තය බලා යාමට නියමිත ව තිබූ ගුවන් යානය වූයේ අවාසනාවන්ත ලෙස කඩාවැටුණු බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය යි.

බිරිඳ ද අහිමි ව යළිත් සිය දරුවන් දෙදෙනා සමග ජීවිතය ගොඩනගා ගැනීමට හීන දුටු අර්ජුන් ද ගුවන් යානය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ මගීන් 241 දෙනා අතර සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
2
+1
1
+1
183
+1
19
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?