ලින්දර පමුණුවත්ත ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි බිරිඳ හා ස්වාමිපුරුෂයා මියගොස් තිබෙනවා. බිරිඳ ඝාතනය කිරීමෙන් පසුව ස්වාමිපුරුෂයා ගෙල වැල ලාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සාරියක් බෙල්ලේ ගැටගසා නිවසේ කාමරයක් තුළ බාල්කයක බිරිදව එල්ලා ඇති අතර එම රෙදි කඬේම අනිත් පසින් ඔහු එල්ලී මියගොස් තිබෙනවා. මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්දගේ උපදෙස් අනුව මීරිගම පොලිසිය විසින් සිදුකරනු ලබයි. මෙසේ මියගොස් ඇත්තේ ලින්දර පදිංචි එස්. එම්. මදුකා සජීවනී 23 හා පියුමාල් මධුෂාන් 32 එක්දරු යුවළක්. මොවුන් දෙදෙනාම වතුපිටිවල හා ලෝලූවාගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ රැකියා කළ අයයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




