බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අසාර්ථක ක්‍රමයක් බවට චෝදනා

බිත්තර කිලෝග්‍රෑම් ක්‍රමයට අලෙවි කිරීම අසාර්ථක ක්‍රමයක් බව බිත්තර පාරිභෝගිකයන් පවසනවා.

සුදු සහ රතු බිත්තර කිලෝග්‍රෑම් වශයෙන් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

එය අසාර්ථක ක්‍රමවේදයක් බවටයි බිත්තර අලෙවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන් චෝදනා කරන්නේ.

දැනට රතු බිත්තරයක් රුපියල් 56කට සහ සුදු බිත්තරයක් රුපියල් 54ක් වැනි සිල්ලර මිලකට අලෙවි කරන අතර බිත්තර කිලෝවක් කිරා බැලීමේදි කිලෝවකට බිත්තර 15ක පමණ ප්‍රමාණයක් ඇතුලත් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව බැලීමේදි සුදු බිත්තරයක් රුපියල් 58.60ක් පමණ වන බවයි බිත්තර අලෙවිකරුවන් කියා සිටියේ.

බිත්තර කිලෝව බැගින් නිකුත් කිරිමේදී රජය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලට වඩා බිත්තරයක මිල ඉහළ යන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව කිලෝ ගණනට බිත්තර නිකුත් කිරිම සාර්ථක ක්‍රමයක් නොවන බවයි බිත්තර අලෙවිකරුවන් සහ පාරිභෝගිකයන් කියා සිටින්නේ.

බිත්තර මිල සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින්.

එම ගැසට් පත්‍රයට අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක උපරිම මිලකට අලෙවි කළ යුතු අතර දුඹුරු පැහැති බිත්තරයක් රුපියල් 46කට අලෙවි කළ යුතුයි.

සුදු බිත්තර කිලෝවක් රුපියල් 880ක මිලකට අලෙවි කළ හැකි අතර දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920ක මුදලකට අලෙවි කළ යුතු බවටයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?