බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අසාර්ථක ක්‍රමයක් බවට චෝදනා

බිත්තර කිලෝග්‍රෑම් ක්‍රමයට අලෙවි කිරීම අසාර්ථක ක්‍රමයක් බව බිත්තර පාරිභෝගිකයන් පවසනවා.

සුදු සහ රතු බිත්තර කිලෝග්‍රෑම් වශයෙන් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

එය අසාර්ථක ක්‍රමවේදයක් බවටයි බිත්තර අලෙවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන් චෝදනා කරන්නේ.

දැනට රතු බිත්තරයක් රුපියල් 56කට සහ සුදු බිත්තරයක් රුපියල් 54ක් වැනි සිල්ලර මිලකට අලෙවි කරන අතර බිත්තර කිලෝවක් කිරා බැලීමේදි කිලෝවකට බිත්තර 15ක පමණ ප්‍රමාණයක් ඇතුලත් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව බැලීමේදි සුදු බිත්තරයක් රුපියල් 58.60ක් පමණ වන බවයි බිත්තර අලෙවිකරුවන් කියා සිටියේ.

බිත්තර කිලෝව බැගින් නිකුත් කිරිමේදී රජය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලට වඩා බිත්තරයක මිල ඉහළ යන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව කිලෝ ගණනට බිත්තර නිකුත් කිරිම සාර්ථක ක්‍රමයක් නොවන බවයි බිත්තර අලෙවිකරුවන් සහ පාරිභෝගිකයන් කියා සිටින්නේ.

බිත්තර මිල සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින්.

එම ගැසට් පත්‍රයට අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක උපරිම මිලකට අලෙවි කළ යුතු අතර දුඹුරු පැහැති බිත්තරයක් රුපියල් 46කට අලෙවි කළ යුතුයි.

සුදු බිත්තර කිලෝවක් රුපියල් 880ක මිලකට අලෙවි කළ හැකි අතර දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920ක මුදලකට අලෙවි කළ යුතු බවටයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14