බිත්තරවල ලේබල් ගැලෙව්වේ කවුද අසේල සම්පත් අසයි

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර වල ලේබල් ඉවත් කිරිමේ ජාවාරමට සම්බන්ධ කවුරුන් ද යන්න වහා සොයා බලන්නැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොගයක් දුම්මල සූරිය ප්‍රදේශයේ දී සොයා ගැනුණා.එම බිත්තර වල ලේබල් ඉවත් කිරීම සිදුකර තිබු අතර එම බිත්තර තොගය පොලිස් භාරයට ගෙන මුද්‍රා තැබීමටයි කටයුතු කළේ.

එම බිත්තර මෙරට බිත්තර සමග මිශ්‍රකොට වෙළදපොළට යොමුකර ඇති බව ද පැවසෙනවා.ඊයේ සොයා ගත් මෙම බිත්තර තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් ඉදිරියේ විනාශ කළා.