බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න කොටුව අධිකරණයෙනුත් නියෝගයක්

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න , කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

නීතිපති උපදෙස් මත පොදුදේපල පනත යටතේ සැකකරුවන් ලෙස නම්කරන බව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ.

එම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සඳහා ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටද නියෝග කරනු ලැබුවා.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතාකර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් ටීෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර ඇත්තේ එම ටීෂර්ටයේ එක්පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම භාවිතා කරමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩසටහනකට මෙම ටීෂර්ට් බෙදාහැර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

  1. ඔහු පදිංචි ස්ථාන වල නැහැලු.. හූ.. හූ.. එතකොට අත් අඩංගුවට ගන්නෙ කොහොමද….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32