බැංගලෝරයේ පාසල් කිහිපයකට බෝම්බ බියක් – ළමුන් පාසල්වලින් ඉවත් කරයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් 13ක ළමුන් අද (01) උදෑසන කාලයේ ඉවත්කරගෙන තිබෙනවා.

අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකළ පණිවුඩයකින් මෙම බෝම්බ තර්ජන එල්ලකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම නිර්නාමික විද්‍යුත් තැපැල් පණිවුඩ මඟින් දන්වා ඇත්තේ පාසල් පරිශ්‍ර තුළ පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවයි.

බැංගලෝරයේ පිහිටි වයිට්ෆීල්ඩ්, කෝරමංගල, බස්වේෂ්නගර්, යාලහන්ක සහ සදාශිවනගර් ඇතුළු පාසල් කිහිපයකට මෙම තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබී ඇති අතර, ඒ හේතුවෙන් බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් ද අද උදෑසන කැඳවීමට කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ ආරක්ෂක පියවරක් ලෙස පාසල් වෙත පැමිණි සිටි සිසුන් සහ ගුරුවරුන් යළි නිවෙස් වෙත පිටත්කර යැවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පාසල් තුළ සෝදිසි මෙහෙයුම් ආරක්ෂක අංශ මඟින් අරඹා ඇති අතර, මෙතෙක් කිසිදු පාසලක බෝම්බ තිබී ඇති බවට තහවුරු කර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?