බැංකු කාඩ් එකෙන් බස් ටිකට් එක මිල දී ගන්න හෙට සිට අවස්ථාව

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට (24) දිනයේ සිට මගීන්ට හිමිවෙනවා.

ඒ, අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට (24) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.

ඊට සමගාමීව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් බත්තරමුල්ලේදිත්, ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මොණරාගල සහ බදුල්ලේදීත් මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන මෙහෙයවන්නේ ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්වයි.

මෙම වැඩසටහන සමඟ රජයේ බැංකු දෙකක් සහ පුද්ගලික බැංකු පහක් එකතු වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ.

මේ අතර ඉතා කෙටි කාලයකින් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ද බැංකුකාඩ් පත් මගින් ගෙවීමේ ක්‍රමවේදයට සකස් කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

“මේ ව්‍යාපෘතිය බස් රථ සියලුම බස් රථ හිමිකරුවන්ට විවෘත කරලා තියෙන්නේ, මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ වන විටත් දැනුවත් කරලා ඉවරයි. තමන් කැමති බැංකුවක් තෝරාගෙන මේ සඳහා එකතු වෙන්න පුළුවන්. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ පිළිබඳ දැනුවත් කිරීම් කරනවා. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හෝ තමන්ගේ බැංකුව හරහා මේ දේ කරගන්න පුළුවන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවලටත් බැංකුවලින් දැනුවත් කිරීම් කරනවා. බැංකුවෙන් ගන්න සියයට එකක මුදල අඩු කරගන්න අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බස් රථ හිමියන් දැඩි උනන්දුවකින් මේ සඳහා කටයුතු කරනවා. අද වෙනකොට බැංකු හතක් මේ සඳහා සහභාගී වෙලා තියෙනවා. මේක පුද්ගලික බස් රථ හිමියන්ගෙන්ම නිතර නිතර ආපු ඉල්ලීමක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?